ලංකාවේ පංතියක් නියෝජනය කරන පක්ෂයක් ලෙස වෙනස් කිරීමේ අරගලය සිදුකරන මෙන් ජ.වි.පෙ සාමාජිකයන්ට ප්‍රසිද්ධියේ ඇරයුම් කරන්නෙමු. ජාති වාද දේශපාලනය තුරන්කර, මැතිවරණ දේශපාලනය අතහැර සිය පංතියක පක්ෂයක් සේ පෙන්නුම් කරන ලෙසට ඇරයුම් කරන්නෙමු. අතීතයේ පුද්ගල ත්‍රස්තවාද දේශපාලනය ගෙන ස්වයං විචාරයක් කිරීමෙන් මහජන දේශපාලනය ක්‍රියාවට නංවන ලෙස ඉල්ලා සිටිමු.

 

 

 

ජ.වි.පෙ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් දෙපිලක් වීම සහ තවත් අතකින් නායකත්වය අත්පත් කරගැනීමේ අරගලයක් ඇතිවීම පිළිබද ප්‍රවෘති ඵලවෙමින් පවති. තව පැත්තකින් මහින්දට සහයෝගය දීම පටන් සරත්පොන්සේකාට සහයෝගය දැක්වීම දක්වා වු සිදුවීම් ආන්දෝලනයකට ලක්වී ඇත.මෙවැනි පසුබිමක ජ.වි.පෙ හි ජනවාර්ගික ගැටලු පිළිබද දැක්මත් මැතිවරණ දේශපාලනයත් ප්‍රශ්නයකට ලක්වී ඇත.මෙහි සාරාංශය පන්ති දේශපාලනයට ප්‍රමුඛත්වය දෙමින් පවතී.මෙම කාරණය පිටුපස සිදුවන සත්‍ය, වාද විවාද මෙතෙක් දැනගැනීමට නොහැකි වී ඇත.කෙසේ නමුත් පොදු දේශපාලන සාරාංශය නම් මෙසේය.

කෙසේ නමුත් මත බේදය අවශ්‍ය වේ.එය මූලික කාරණාවකි.එය විප්ලවීය පසුබිමකට සාධකයකි.මෙය කුමන ආකාරයකට මතුවුවත් ලංකාවේ දේශපාලනමය වෙනසක් ගෙන එයි. සිංහල ජනතාව අතරේ මාක්ස්වාදය යනු ජ.වි.පෙ හි ජාතිවාදය හරහාද මැතිවරණ දේශපාලනය හරහාද හදුනාගත් තත්වය පළවෙනි වතාවට අද ප්‍රශ්නයකට ලක්වී ඇත.

ජ.වි.පෙ හි නායකත්වය සමග මතබේදය ඇතිවූ කොටස තමුන් බෙදුම්වාදය පිළිනොගන්නා බවට කරන ප්‍රකාශය මගින් එහි අනෙක් කොට‍ස බෙදුම්වාදය කෙරෙහි දක්වන පක්ෂපාතී බව පෙන්නුම් කරයි.එම මතබේදය දරන කොටස රෝහණ විජේවීර ගේ ප්‍රතිපත්ති වලට විරැද්ධව ක්‍රියාකරන බවට ජ.වි.පෙ නායකත්වය චෝදනා කරයි.

කෙසේ නමුත් මෙම විවාදය ලංකාවේ ප්‍රධාන අර්බුධයක් වන ජනවාර්ගික ගැටලුව පිටුපස සිදුවෙමින් පවතී.එහි බෙදුම්වාදයට එරෙහිව වෙන්වී යන අයිතිය තබමින් එක්තරා වෙනසක් සිදුවේනම් එය ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි.මෙම දේශපාලන දැක්ම මෙතෙක් කිසිදු පක්ෂයක් තුළ නොතිබුනි. ජ.වි.පෙ ප්‍රකාශ කරන්නේ මෙම තත්වය ගැනදැයි සත්‍ය ලෙසම දැනගත නොහැක.

මෙම අර්බුදය “දෙමළ නායකත්වයෙන් වෙන්වීමක්” යන ශ්‍රී ලංකා රජයේ සහ වෙනත් උදවිය ගේ ජාතිවාද ප්‍රචාරය අභිබවා සිංහල තරුණ පිරිස මෙම සිදුවීම පිළිබදව දේශපාලනමය වශයෙන් නිවැරදි දැක්මක් ඇතුව කටයුතු කරයිනම් එයද එක්තරා දේශපාලන වෙනසක් වේ.

අද ලංකාවේ විප්ලවීය පසුබිමේ වෙනසකට අවශ්‍ය සහ ජ.වි.පෙ ආරම්භ කිරීමට ද අවශ්‍ය,

1.බෙදුම්වාදයෙන් තොර වෙන්වී යන ස්වයංනිර්ණය අයිතිය මූලික කරගෙන අරගල කිරීම

2.පසුගිය කාලයේ සිදුවූ පුද්ගල ත්‍රස්තවාදයේ ප්‍රමුඛ පන්ති දේශපාලනයෙන් තොරකරන ලද දේශපාලන මාවතේ ප්‍රතික්ෂේප කර මහජන පන්ති දේශපාලනය මූලික කරගෙන ක්‍රියාකිරීම

3.පන්ති අරගලයට ප්‍රමුඛත්වය දෙමින් ක්‍රියාකිරීම කිරීම

4. දේශපාලන මාර්ගය ප්‍රතික්ෂේප කර අතීතයේ සිදුවූ කටුක දේශපාලන මාර්ගය ස්වයං විචාරණය කිරීම

5. අතීතයේ ජාතිවාදී මතවාදය ප්‍රශ්නයකට ලක්කිරීම සහ ස්වයං විචාරණය කිරීම අවශ්‍යවේ.

 

නව ප්‍රජාතන්ත්‍රවාද මහජන පෙරමුණ

28.09.2011

අත්පත්‍රිකා අංක 009

ஜே.வி.பி.க்கு விடுக்கும் பகிரங்க வேண்டுகோள்

Open Letter Of Request for JVP